Friday, 4 November 2011

සේනාංක පරිපාලනය

මේජර් ගාමිණි ගුණසිංහ මහතා
අතිරේක දිස්ත්‍රික් කොමසාරිස්/ ජාතික පුහුණුකරු,
ගම්පහ දිස්ත්‍රික්කය.

උමේෂ් වීරසිංහ මහතා
සේනාංක අධිකාරී/ ජාතික පුහුණුකරු,
කැලණිය/ දෙල්ගොඩ සේනාංකය.

ධනුෂ්ක චතුරංග මහතා,
කොට්ඨාශ භාර නිලධාරී,
ශ්‍රී නාගවනාරම විවෘත කොට්ඨාශය.

හසිත ගුණසිංහ මහතා
කොට්ඨාශ භාර නිලධාරී,
ශ්‍රී නාගවනාරාම කැඩෙට් කොට්ඨාශය.

ඉෂාන් තරංග මහතා,
කොට්ඨාශ භාර නිලධාරී,
කැලණිය ගුරුකුල විද්‍යාලයීය කොට්ඨාශය.

යසිරු චින්තක මහතා
කොට්ඨාශ භාර නිලධාරී,
කැලණිය ගුරුකුල විද්‍යාලයීය කොට්ඨාශය.

මිළිඳු ධම්මික මහතා
කොට්ඨාශ භාර නිලධාරී,
හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයීය කොට්ඨාශය.

මහින්ද විද්‍යාලයීය ශිෂ්‍ය නායක කඳවුර


බප/කැල/ මහින්ද මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක කඳවුර ඔක්තෝබර් 28, 29, 30 යන තෙදින පුරා විද්‍යාලයේදී සාර්ථක අන්දමින් පැවැත්වුණු අතර මේ සඳහා විද්‍යාලයීය ශාන්ත ජෝන් ගිලන් රථ කොට්ඨාශයේ සහය නොමසුරුව ලැබුණි. 

එහිදී ගම්පහ අතිරේක දිස්ත්‍රික් කොමසාරිස් මේජර් ගාමිණී ගුණසිංහ මහතා මෙහි සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ අතරම ගම්පහ දිස්ත්‍රික් කොමසාරිස් නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා විසින් ශිෂ්‍ය නායක නායිකාවන් උදෙසා "නායකත්වය පිළිබඳව" විශේෂ දේශනයක්ද පවත්වන ලදී.

තවත් ඡායාරූප සඳහා මෙතනට යන්න

සේනාංකය පිළිබඳව

සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථානය මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වන කැලණිය/ දෙල්ගොඩ සේනාංකය යටතේ කොට්ඨාශ රැසක් පවතී.

ඒ යටතේ
  • ශ්‍රී නාගවනාරාම විවෘත කොට්ඨාශය
  • සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයීය කොට්ඨාශය
  • හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයීය කොට්ඨාශය
  • කැලණිය ගුරුකුල විද්‍යාලයීය කොට්ඨාශය
  • දරණාගම මහා විද්‍යාලයීය කොට්ඨාශය
කොට්ඨාශ නිලධාරීන් යටතේ ඒ ඒ කොට්ඨාශ පාලනය වන අතර සේනාංක අධිකාරීවරයා යටතේ සේනාංකයේ පාලනය කටයුතු සිදුවේ.

ප්‍රදේශයේ සේම ජාතික වශයෙන්ද ආගමික, සමාජීය කටයුතුවලදී ප්‍රථමාධාර සේවාවන්ගෙන් මෙන්ම සක්‍රීය සහභාගීත්වයෙන්ද සේනාංකයේ සාමාජික සාමාජිකාවන් දායක වන අතර සේනාංකයේ වාර්ෂික වැඩ සැලැස්මේ ප්‍රධාන අංග වන්නේ
  • ජනවාරි : කැලණිය රාජ මහා විහාර දුරුතු පෙරහැර ප්‍රථමාධාර සේවය
  • පෙබරවාරි - මාර්තු : ප්‍රදේශයේ විද්‍යාලවල මලල ක්‍රීඩා තරඟ සඳහා ප්‍රථමාධාර සේවා
                                   ශ්‍රී පාද වන්දනාකරුවන් සඳහා වූ ප්‍රථමාධාර සේවය
  • අප්‍රේල් - ප්‍රදේශයේ බක් මහ උළෙලවල් සඳහා ප්‍රථමාධාර සේවා
  • මැයි : මහර වෙසක් කලාපයේ ප්‍රථමාධාර සේවය
  • ජුනි : අනුරාධපුර පොසොන් වන්දනා ප්‍රථමාධාර සේවය
  • ඔක්තෝබර් - නොවැම්බර් : ප්‍රදේශයේ විහාරස්ථානවල කඨින පෙරහැර ප්‍රථමාධාර සේවා
  • දෙසැම්බර් : සේනාංක කඳවුර

අපව අමතන්න


ප්‍රථමාධාර පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා මෙන්ම ප්‍රථමාධාර සේවාවන් ලබා ගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න.

දුරකතන අංක :   077 99 74 388, 011 2 976482, 011 2 976493

ලිපිනය :       
සේනාංක මූලස්ථානය,
කැලණිය/ දෙල්ගොඩ සේනාංකය,
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව,
ශ්‍රී නාගවනාරාමය,
දික්වෙල පාර,
සියඹලාපේ

මුහුණු පොතෙන් :  St.John Ambulance - Kelaniya/ Delgoda Corps

ඩෙංගු මර්දන දැනුවත් කිරීමේ වැඩසටහන


බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන් බියගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසියේ මීගහවත්ත, සපුගස්කන්ද, කඩවත, බියගම පොලිස් ස්ථාන සමඟ එක්ව ඩෙංගු මර්දන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2011 ඔක්තෝබර් 30 වෙනිදා දවස පුරා පැවැත්වුණි. 


මෙහිදී බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරාම ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණු අතර ගෙයින් ගෙට ගොස් මහජනතාව දැනුවත් කිරීමට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා කැලණිය/ දෙල්ගොඩ සේනාංකයේ සාමාජික සාමාජිකාවෝද දායක වූහ.

මේ සඳහා සහභාගි වූ නිලධාරීන් සහ සෙසු නිලයින් වූයේ


මේජර් ගාමිණී ගුණසිංහ - අතිරේක දිස්ත්‍රික් කොමසාරිස් [ගම්පහ දිස්ත්‍රික්කය]


තවත් ඡායාරූප සඳහා මෙතනට යන්න

මාබිම තායි විහාරයේ කඨින පෙරහැර ප්‍රථමාධාර සේවය


මාබිම තායි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2011 ඔක්තෝබර් මස 22 සෙනසුරාදා උත්සවාකාරයෙන් පැවැත්වුණි. සතර පේරුවේ දායක සභා සීමාව තුළ කඨින පෙරහැර වීථි සංචාරය කිරීමේදී ඒ සඳහා ප්‍රථමාධාර සේවාව ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා කැලණිය/ දෙල්ගොඩ සේනාංකයේ මඟින් ලබාදෙන ලදී.


කඨින පෙරහැර ප්‍රථමාධාර සේවය සඳහා සහභාගි වූ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙසේය.


මේජර් ගාමිණි ගුණසිංහ - අතිරේක දිස්ත්‍රික් කොමසාරිස් [ගම්පහ දිස්ත්‍රික්කය]
ඉෂාන් තරංග - කොට්ඨාශ නිලධාරී
යසිරු චින්තක - කොට්ඨාශ නිලධාරී
මිළිඳු ධම්මික - කොට්ඨාශ නිලධාරී








තවත් ඡායාරූප සඳහා මෙතනට යන්න

ශාන්ත ජෝන් ගිලන් සේවයේ ඉතිහාසය


"Pro Utilitate Hominum" මානව සංහතියේ සේවය උදෙසා යන ආදර්ශ පාඨය පෙරටු කොටගත් ශාන්ත ජෝන් ගිලන් රථ සේවය මේ වන විට මහද්වීප රැසක් පුරා විහිද පවතින ජාතික සංවිධාන 39 ක් යටතේ ස්වේච්ඡා සේවකයන් 250,000 අධික පිරිසකගේ සහයෝගය යටතේ ප්‍රථමාධාර පිළිබඳ ඉගැන්වීම, පුහුණු කිරීම සහ ප්‍රථමාධාර මෙන්ම ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යමින් සිටී.  

කිතුණුවන්ගේ ශුද්ධ භූමි මුස්ලිම්වරුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට කුරුස යුද්ධ පැවති සමයේ යුද්ධයේදී තුවාල වූ සෙබළුන් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කළේ ශාන්ත ජෝන් නිකායේ පූජකයන් විසිනි. මෙහිදී 1877 දී ශාන්ත ජෝන් නිකායේ රෝහල් පද්ධතියට පුනර්ජීවයක් ලබාදීමේ අරමුණින් ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය පිහිටුවන ලදී. 

එහිදී පහත අරමුණු මුල් කරගෙන ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය ක්‍රියාත්මක වුණි. 

  • ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව ශිෂ්‍යයින්ට උපදෙස් ලබාදීම
  • ප්‍රථමාධාර උපකරණ බෙදා දීම.
  • හදිසි ආපදාවන්හිදී රජයට සහයෝගය දීම.
මේ යටතේ ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය තම වැඩ කටයුතු බ්‍රිතාන්‍යය තුළ සිදු කිරීමට 1888 දී වික්ටෝරියා මහ රැජිණගෙන් රාජකීය අවසර පතක් හිමිවූ අතර එදා සිට අද දක්වාම පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල්වල ප්‍රමුඛ වශයෙන්ද අනෙක් රටවල් කීපයකද සාර්ථකව ශාන්ත ජෝන් ගිලන් සේවය ක්‍රියාත්මක වෙමින් පවතී.

 ශාන්ත ජෝන් ගිලන් සේවය ක්‍රියාත්මක වන රටවල්

ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය අරඹන ලද්දේ 1906 වර්ෂයේදීය. ඒ ලංකා පොලිස් දෙපාර්තමේතුවේ නිලධාරීන් හට ප්‍රථමාධාර සේවය ලබාදීමේ අරමුණෙනි. පසුව එය ලාංකික ළමා, වැඩිහිටි සියලු දෙනා උදෙසා ප්‍රථමාධාර පුහුණු ලබාදෙන මෙන්ම ප්‍රථමාධාර සේවාවන් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්වුණි.  

 

1980 සහ 1998 දී සම්මත කර ගත් පාර්ලිමේන්තු පනත් දෙකක් මඟින් ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ස්වේච්ඡා සමාජ සංවිධානයක් ලෙස පිළිගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ ප්‍රධාන අනුශාසකවරයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරයා ක්‍රියා කරයි.  

මේ වන විට ශ්‍රී ලංකාවේ පළාත් 9 පුරාම ක්‍රියාත්මක වන ශාන්ත ජෝන් ගිලන් සේවය තුළ සාමාජිකයෝ 60,000 කට ආසන්න පිරිසක් තම සේවාවන් ඉටු කරමින් සිටිති.

වැඩි විස්තර සඳහා ජාතික මූලස්ථාන වෙබ් අඩවියට යන්න :     

http://www.stjohnsrilanka.org/




ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කැලණිය/ දෙල්ගොඩ සේනාංකය 1965 වර්ෂයේදී දෙල්ගොඩ කළ්‍යාණ ප්‍රදීප පිරිවෙනේ දී ආර්.ඩබ්.එම්.ජී. රාජකරුණා මහතා විසින් ආරම්භ කළ අතර එවකට පරිවෙණාධිපති පූජ්‍ය දරණාගල සුගතපාල හිමියන්ගේ හා පිරිවෙනේ සාමාන්‍යාධිකාරී පූජ්‍ය ගෝනහේනේ ජෝතිපාල හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා වෛද්‍ය එන්.කේ.බී. සූරියගොඩ මහතා සහ වෛද්‍ය ඩී.ඩබ්.කේ. හීන්දෙණිය මහතාගේ දායකත්වය මේ සඳහා හිමිවිණි. 

පළමු ප්‍රථමාධාර පරීක්ෂණය සමත් 104 දෙනාගෙන් "කැලණිය/ දෙල්ගොඩ කොට්ඨාශය" ආරම්භ වූ අතර එහි පළමු කොට්ඨාශ භාර නීලධාරී වූයේ ආර්.ඩබ්.එම්.ජී. රාජකරුණා මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භික්ෂූන් වහන්සේලා සඳහ ප්‍රථමාධාර පංතියක් ආරම්භ කර උන් වහන්සේලා සඳහ සහතික පත් ලබාදීමටද 1973 වසරේදී කැලණිය/ දෙල්ගොඩ කොට්ඨාශයට හැකිවුණි. 

පසුකාලීනව අක්‍රීයව පැවති කැලණිය/ දෙල්ගොඩ කොට්ඨාශය 1990 දශකය අග භාගයේදී සක්‍රීය තත්වයට පත් කරන ලද අතර ඒ සඳහා කොට්ඨාශ භාර අධිකාරී වශයෙන් ක්‍රියා කළ ගාමිණි ගුණසිංහ මහතා මූලික විය. 

මේ වන විට කැලණිය / දෙල්ගොඩ සේනාංකය කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල්, දහම් පාසල් මෙන්ම ආයතන රාශියක් තුළද තම ප්‍රථමාධාර කොට්ඨාශ පිහිටුවා ගෙන තම සේවාවන් සාර්ථකව ඉටු කිරීමට සමත්ව සිටී.